Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රා තොගය මෙරටට ලැබෙයි

By News Team on July 5th, 2021 in Local

ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කළ ෆයිසර් එන්නත් මාත්‍රා තොගය පළමු කොටස ලෙස මාත්‍රා 26000ක් අද (05) අළුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.

අද (05) අළුයම 2.15ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් තොගය ළඟා වුණා.

අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් තොගය දකුණු ආසියාවේ කලාපය රටකට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

සෙල්සියස් සෘණ අංශක 70ක උෂ්ණත්වය යටතේ ගබඩා කළ යුතු මෙම එන්නත් තොගය ගුවන් යානාව ගොඩ බෑ සැනින් ගුවන් තොටුපොළේ ගබඩා සංකීර්ණයේ විශේෂ අධි ශීතකරණ තුළ මේ වන විට ගබඩා කර තිබෙනවා.

අදාළ එන්නත් තොගය කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ඡන්න ජයසුමන කියා සිටින්නේ.

ඉදිරියේ දී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ලැබෙන අතර මේ මාසයේ දී එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක ප්‍රමාණයක් ලැබීමට නියමිතයි.