Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාවට දෙවන තරඟයෙන් ලකුණු 67ක පරාජයක්

By News Team on September 5th, 2021 in Sport

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (04) සමත් වුණා.

ඊයේ (04) තරඟය වර්ෂාව හමුවේ එක් පිලකට පන්දුවාර 47කට සීමා කෙරුණා.

තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක කේෂව් මහරාජ් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 47 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජැනමන් මාලන් ලකුණු 121ක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 51ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැඟින් දවා ගත් අතර ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැඟින් දවා ගනිමින්.

ලකුණු 284 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කට ලකුණු 110ක් ලබා සිටින අවස්ථාවේ දී යළිත් තරඟයට වර්ෂාවෙන් බාධා ඇති වුණා.

එහිදී ඩක්වර්ත් සහ ලූවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජය ගැනීමට පන්දුවාර 41ක් තුළ ලකුණු 265ක් ලබා ගත යුතු වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 197ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත අසලංක ලකුණු 77ක් ලබාගත් අතර චාමික කරුණාරත්න ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටැබ්රයිස් ෂම්සි කඩුලු 5ක් දවාගත් අතර කගිසෝ රබාඩා කඩුලු 2ක් දවා ගනු ලැබුවා.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-1 ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

තීරණාත්මක සහ අවසන් එක්දින තරඟය අනිද්දා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.