Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ප්‍රබල ඕස්ට්‍රේලියාව කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්

By News Team on October 29th, 2021 in Sport

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟ පරාජය අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ සිදු වුණා.

ඒ ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 07කින් පරාජයට පත්වෙමින්.

කාසියේ වාසිය දිනාගනිමින් ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

පෙර තරඟවල මෙන්ම මේ තරඟයේ ද ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 15දී බිඳ වැටුනා.

පැතුම් නිශ්ශංක ලකුණු 7යි.

ඉන්පසු පිටියට පිවිසි චරිත් අසලංක කුසල් ජනිත් සමඟ දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 44කදී ලකුණු 63ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනාම හයේ පහර බැඟින් හා හතරේ පහර 4 බැඟින් වාර්තා කරමින් ලකුණු 35 බැඟින් රැස් කළා.

එම සබඳතාවයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක සබඳතාවක් ගොඩනැගීමට කිසිඳු පිතිකරුවෙක් සමත් වුයේ නැහැ.

අවිශ්ක ප්‍රනාන්දු හා වනිදු හසරංග ලකුණු 4 බැගින් ලබා ගෙන සිටියදී දැවී ගියා.

ඉන් අනතුරුව භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක අතර 6 වැනි කඩුල්ලට ලකුණු 40ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 33ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 12කට කඩුලු 2ක්ද, මිචෙල් ස්ටක් ලකුණු 27කට කඩුලු 2ක්ද, පැට් කමින්ස් ලකුණු 34කට කඩුලු 2 බැඟින් දවා ගනු ලැබුවා.

ලකුණු 155ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඩේවිඩ් වෝනර්ගේ සුපිරි අර්ධ ශතකයෙන් සවිමත් වෙමින්.

ඩේවිඩ් වෝනර් පන්දු 42කදී ලකුණු 65ක් රැස් කළ අතර ඊට හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

කෙසේ වෙතත් ඩේවිඩ් වෝනර් ලකුණු 18ක් ලබා සිටියදී ලබාදුන් පහසු උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් අතින් ගිලිහී යාමද තරඟයේ විශේෂ සිදුවීමක්.

ඕස්ට්‍රේලියානු ආරම්භ කඩුල්ල වෙනුවෙන් වෝනර් සහ ආරොන් ෆින්ච් ලකුණු 70ක සබඳතාවක් ගොඩනැගුවා.

ෆින්ච් හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමඟින් ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග සිය පන්දුවාර 4කදී ලකුණු 22කට කඩුලු දෙකක් දවා ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම තරඟයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර ඕස්ට්‍රේලියාව පිතිකරුවන් අතින් දැඩි ප්‍රහාරයකට ලක් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී මීළඟ තරඟය හෙට (30) දකුණු අප්‍රිකාව සමඟ සාජා හිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර පන්දුවාර 20 තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද (29) පැවැත්වෙනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය අතරයි.