Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

බංග්ලාදේශ ඉතිහාසයේ ලබා දෙන පළමු ණය මුදල ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි

By News Team on August 18th, 2021 in Business

දැඩි විදේශ විනිමය අර්බුධයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාවට බංග්ලාදේශය විසින් ලබාදෙන මුල්‍ය පහසුකමේ පළමු කොටස මේ සතියේ ලබාදීමට බංග්ලාදේශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශයෙන් ඉල්ලුම් කර ඇති ඩොලර් මිලියන 250ක මුල්‍ය පහසුකමෙන් පළමු ඩොලර් මිලියන 50ක මුදල මේ සතියේ ලැබීමට නියමිතයි.

රටක් වෙනුවෙන් බංග්ලාදේශ විසින් ලබා දෙන පළමු ණය මුදල ලෙසයි මෙම ණය මුදල හැඳින් වෙන්නේ.

පසුගිය අගෝස්තු 03 මෙම ණය ගිවසුම් සඳහා අත්සන් තබා තිබෙනවා.

අදියර තුනක් යටතේ ලැබෙන මෙම ණය මුදලේ පළමු කොටසින් දෙවන ඩොලර් මිලියන 200 අවස්ථා දෙකකදී ඩොලර් මිලියන 100 බැගින් ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ණය මුදල ශ්‍රී ලංකා මහ බැංකුවට නියමිත දිනට ගෙවා ගැනීමට නොහැකි වුවහොත් තවත් අතිරේක මාස තුනක කාලයක් හිමි වෙනවා.

එම අතිරේක කාලය තුළදී ණය ගෙවා ගැනීමට නොහැකි නම් තවත් අතිරේක මාස තුනක කාලයක් ලබා දී තිබෙනවා.