Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විනය කැඩූ ක්‍රීඩකයන් තිදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කැඳවීමක්

By News Team on July 29th, 2021 in Sport

එංගලන්ත තරඟ සංචාරය අතුරදී ජෛව බුබුලෙන් මිදී ඩරම් නගරයේ රාත්‍රී කාලයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන තිදෙනාට අද (29) දිනයේ ශ්‍රී ලංකා ආයතනයට කැඳවීමක් කර තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය පිළිබඳ ඔවුන්ට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණ සඳහා පෙනී සිටීම සඳහායි.

ඔවුන් සම්බන්ධයෙන් විනය කමිටුව ගන්නා තීරණය හෙට (30) පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔවුන්ට පැනවෙන දඬුවම් සහ සීමා පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති.