Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විනය කැඩූ ක්‍රීඩකයන් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණෙයි – ක්‍රිකට් ආයතනයේ තීරණය හෙට දැනුම් දෙයි

By News Team on July 29th, 2021 in Sport

පසුගිය එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව බුබුලෙන් මිදී ඩරම් නගරයේ රාත්‍රී කාලයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා අද (29) ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධව ඔවුන්ට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණය සඳහා පෙනී සිටීමටයි.

ඔවුන් සම්බන්ධයෙන් විනය කමිටුව ගන්නා තීරණය හෙට (30) පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔවුන්ට පැනවෙන දඬුවම් සහ සීමා පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති.