Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ඉතිහාසය වෙනස් කරයි – විස්සයි විස්ස තරඟාවලියේ ජය ශ්‍රී ලංකාව දිනා ගනී

By News Team on July 30th, 2021 in Sport

ඉන්දියාවට එරෙහිව පළමුවරට පන්දුවාර 20 තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (29) රාත්‍රියේ සමත් වුණා.

ඒ දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි 20 තරඟය කඩුලු 07කින් ජයගනිමින්.

මෙම තරඟ ජයත් සමඟ විස්සයි විස්ස තරඟාවලිය 02ට 01ක් ලෙස ජයග්‍රහණය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 81ක් පමණි.

ඉන්දීය කණ්ඩායමේ නායක ශිකර් ධවාන් ඇතුළු මුල් පෙළ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙක්ම කිසිඳු ලකුණු ලබා ගැනීමට හැකි වුයේ නැහැ.

පිතිකරණයේදී ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදෙව් ලකුණු 23ක් සහ බුවනේෂර් කුමාර් ලකුණු 16ක් ලබා ගැනීමට සමත් වුණා.

වනිඳු හසරංග ලකුණු ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ අතර ලකුණු 09කට කඩුලු 04ක් බිඳ හෙලුවා.

එම පන්දු යැවීම සටහන් වන්නේ වනිදු හසරංග විස්සයි විස්ස පිටියේ ක්‍රියාත්මක කළ හොඳම පන්දු යැවීම ලෙස ද ඉතිහාසගත වුණා.

ලකුණු 82ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 03ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණයේ දී ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23ක් ද, මිනෝද් භානුක 18ක් ද, වනිඳු හසරංග නොදැවී ලකුණු 14ක් ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් රාහුල් චහාර් ලකුණු 15කට කඩුලු 03කට බිඳ හෙලුවා.

තරඟයේ මෙන්ම තරඟාවලියේ වීරයා ලෙස වනිඳු හසරංග සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔහුගේ උපන් දිනයද ඊයේ (29) දිනයට යෙදී තිබීම විශේෂත්වයක්.

වසර 13 පසු ශ්‍රී ලංකාව ඕනෑම තරඟ රටාවකින් ඉන්දියාව තරඟාවලිය පරාජය කළ පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වනවා.

2019න් පසු ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරඟයක් ජයගත් පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙනවා.