Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ශ්‍රී ලංකාව වසර 9කට පසු ඉතිහාසය වෙනස් කරයි – අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 3ක ජයක්

By News Team on July 24th, 2021 in Sport

ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුළු 03ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (23) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 43යි 1ක් පන්දුවකදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 225ක් පමණි.

ඉන්දියාව වෙනුවෙන් ප්‍රිත්වී ෂෝ ලකුණු 49ක් ද, සංජු සැම්සන් ලකුණු 46ක් ද, සුර්ය කුමාර් යාදෙව් ලකුණු 40ක් ද ලබා ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අකිල ධනංජය සහ මංගල එක්දින තරඟයට ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඉන්දීය ඉනිම ක්‍රියාත්මක වන මොහොතේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරඟය පන්දුවාර 47කට පමණක් සීමා වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39 කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අවිශ්‍ක ප්‍රනාන්දු ලකුණු 76ක් ද, භානුක රාජපක්ෂ ලකුණු 65ක් ද රැස් කළා.

රාහුල චාහර් ඉන්දියාව වෙනුවෙන් කඩුළු 3ක් බිඳ හෙලීමට සමත් වුණා.

වසර 09කට ශ්‍රී ලංකාව මව්බිමේදී ඉන්දියාව පරදවන ලද පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාස ගත වෙනවා.

මේ අතර දෙරට අතර පළමු විස්සයි විස්ස තරඟය හෙට (25) ආරම්භ වීමට නියමිතයි.