Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් කොරෝනා ආසාධිත වෙයි – කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තවත් PCR වටයට යොමු කරයි

By News Team on July 9th, 2021 in Sport

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හට කොරෝනා වෛරසය ආසාධිත බව ඊයේ (08) තහවුරු වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔහු විසින් පෙන්නුම් කළ රෝග ලක්ෂණ හමුවේ ඊයේ (08) දිනයේ සිදුකළ PCR පරීක්ෂණයක් ප්‍රතිඵල වාර්තාවට අනුව එය තහවුරු වූ බවයි.

මේ අනුව එංගලන්තයේ සිට පැමිණ දැනට නිරෝධායන වෙමින් සිටින කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන්ගෙන් ග්‍රාන්ට් ෆ්ලවර් හුදකලා කර තිබෙනවා.

ඊට අමතරව කණ්ඩායමේ සියලු සාමාජිකයින් ඊයේ (08) පස්වරුවේ තවත් PCR පරීක්ෂණ වටයකට යොමු කර තිබෙනවා.

පසුගියදා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක් කොරෝනා ආසාධිත බවට තහවුරු වුණා.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තුන්වන එක්දින තරඟයෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල අතර සමඟ සුහද හමුවක් පැවැති බවද වාර්තා වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සහ ඉන්දීය එක්දින තරඟාවලිය නියමිත ලෙස පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගය කියා සිටියේ.