Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ක්‍රීඩා ඇමති නාමල් ටෝකියෝ බලා පිටත් වෙයි

By News Team on July 22nd, 2021 in Sport

විශ්ව ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා,

ඒ සඳහා සහභාගී වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඔලිම්පික් උළෙලට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සහ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් මෙන්ම ජපාන රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.