Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අනාගත ව්‍යසනවලට වගකියන්න බෑ කියමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොරෝන මර්දන කමිටුවෙන් ඉවත් වෙයි

By News Team on September 7th, 2021 in Local

කොරෝනා මර්දන තාක්ෂණික කමිටුවෙන් IDH රෝහලෙන් කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වී තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් සහ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට ඔහු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

රජය කොරෝනා මර්දන ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමට පත් නොවන බැවින් විශේෂඥ වෛද්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් මත තමා තවදුරටත් කොරෝනා මර්දන හා පාලනය කිරීමේ තාක්ෂණික කමිටුවේ රැඳී සිටීම ප්‍රථිඵල දායක නොවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ වන විටත් විජයවික්‍රම මහතා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරයි.

තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව එන්නත්කරණ ක්‍රියාවලිය සහ රට වසා දැමීම සම්බන්ධයෙන් සිදු නොවන බවයි වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

අවශ්‍යතා මත තීරණ වෙනස්ව ඇති බවත් ඒ හේතුවෙන් අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට තමන්ට වගකීම නොහැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.