Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සංචාරක සංවර්ධන අධිකාරියෙන් සෞඛ්‍යය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලු විශේෂ ඉල්ලීම

By News Team on September 9th, 2021 in Local

සංචාරකයින් සඳහා පනවා ඇති කොරෝනා මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පුර්ණ එන්නත්කරණ ලක්වූ ගුවන් සේවකයින් සඳහා අනිවාර්ය පෞද්ගලික ආරක්ෂක උපකරණ පිළිපැදිය යුතු බව උපදෙස් ඉවත් කිරීම සහ පුර්ණ එන්නත්කරණයට ලක්වූ මඟින් සඳහා ගුවන් යානයය ගොඩවිමට පැය 72කට පෙර PCR පරීක්ෂණ අවශ්‍යතාව ඉවත් කරන ලෙසයි ඔවුන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

තවද යුරෝපා සංගමයෙන් රෙගුලාසිවලට අනුකූලව වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා වන PCR පරීක්ෂණ ඉවත් කිරීමද ලිහිල් කරන ලෙස ද එම අධිකාරිය යොමු කළ ලිපියේ ඇතුළත්.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ සංචාරක මඟීන් සඳහා ගුවන් තොටුපොළේ දී සිදුකරන පරීක්ෂණ වේගවත්ව කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසයි.