Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දුෂණය නැති කරන්න ඇමති බැසිල්ගෙන් විශේෂ මෙහෙයුමක් – හදිසි වාර්තාවකුත් කැඳවයි

By News Team on October 15th, 2021 in Exclusive Story

රාජ්‍ය ආයතනයක අදායම් තත්ත්වය වර්ධනය කිරීම සහ දුෂණ අක්‍රමිකතා අවම කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා මෙලෙස ඉදිරිපත් කිරීමට නම් කර ඇති ආයතන වන්නේ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,සමෘද්ධි දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි.

මේ අනුව ඉදිරි අයවැයේ දී මෙම ආයතනවලට මුදල් වෙන් කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පුර්ව අදහසක් ලබාගැනීම සඳහා මෙම වාර්තාව කැඳවා ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා වන්නේ.