Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කටුනායක Duty Free භාණ්ඩ මිලදී ගන්නා ගුවන් මඟීන්ට විශේෂ දැනුම් දීමක්

By News Team on October 8th, 2021 in Local

කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශයන්හි සිට පැමිණෙන තීරු බදු සහනය යටතේ හිමිකම් ඇති ගුවන් මගීන් දිවයිනට පැමිණෙන දිනයේදීම තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම අනිවාර්ය කර තිබෙනවා.

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන ගුවන් මගීන්ට පමණක් මෙම අවස්ථාව හිමි වන බවද සදහන්.

එසේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පැමිණෙන ගුවන් මගීන්ගේ එන්නත් කාඩ්පත ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පරීක්ෂා කර බලා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත්නම් ඔවුන්ගේ කාඩ්පත මත රතු මුද්‍රාවක් තබා සනාථ කිරීමෙන් පසුව තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිසීමට අවශ්‍යය පහසුකම් සළසා දී තිබෙනවා.

කෙසේ නමුත් ගුවන් මගීන්ට ගුවන් තොටුපළ වෙත පැමිණි දිනට පසු දිනවල පැමිණ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිළදී ගැනීම සිදු කළ නොහැකි බව ගුවන් තොටුපළ බළධාරින් දන්වා සිටිනවා.