Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විපක්ෂ නායක සහ ජපන් තානාපති අතර විශේෂ හමුවක්

By News Team on October 22nd, 2021 in Local

ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් 21 සිදුවිය.

ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

කොරෝනා මර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් මෙන්ම විවිධ සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය මගින් දක්වන උපකාර කෙරෙහි ස්වකීය කෘතවේදීත්වය විපක්ෂ නායකතුමා විසින් පිරිනැමූ අතර දශක ගණනාවක් ඈතට දිවෙන ද්වීපාර්ශවීය සබදතා පිලිබදව තානාපතිතුමන් විසින් එහිදී සිහිපත් කරනු ලැබීය.

සමගි ජනබලවේගය හරිත පක්ෂයක් බවත් ඒ හරහා “හරිත ව්‍යාපෘතිය”, හරිත පාරිසරික සංරක්ෂණ වැඩසටහන සහ Project Leopard ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකතුමා පැවසූ අතර ඊට අවශ්‍ය අඅනුග්‍රහය ලබා දෙන ලෙස විපක්ෂ නායකතුමා ජපාන තානාපතිතුමන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

ඒ පිලිබදව ස්වකීය විශේෂ අවධානය යොමුකරන බව පැවසූ තානාපතිතුමන් ඒ සදහා අනුග්‍රහය ලබා දෙන බවද පැවසීය.

විපක්ෂ නායක කාර්යාල මාධ්‍ය ඒකකය