Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආණ්ඩුවේ ප්‍රශ්ණ ආණ්ඩුව ඇතුලේ විසඳා ගන්න – ජනපති මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දෙයි

By News Team on October 26th, 2021 in Local

ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්ණ ඇතුලේ පමණක් සාකච්ඡා කර විසඳා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම වෙත ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ.

ඇතුලේ ප්‍රශ්ණ පිටතට ගොස් විවේචනය කිරීම සුදුසු නොවන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

කාබනික පොහොර වගා වැඩසටහන හැට නව ලක්ෂයක ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වැඩපිළිවෙලක් බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මෙම රැස්වීමේදී අදහස් දක්වා දක්වමින් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් පිරිස් ආණ්ඩුවේ රැඳී සිටමින් එළියේ දී ආණ්ඩුව විවේචනය කිරීම අනුමත කළ නොහැකි බවයි.

ඇමති රෝහිතගේ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ විවෙච්නය හවුල් ආණ්ඩුවට අලුත් දෙයක් නොවන බවයි.

ආණ්ඩුව යහපත් මඟකට ගැනීමේ අරමුණින් කෙරෙන විවේචන සාධනීය ලක්ෂණයක් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.