Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

බැසිල්ට පාර්ලිමේන්තු එන්න අවස්ථාව ඉල්ලු වෙලාවේ හඬා වැළපුණු පොහොට්ටු මන්ත්‍රී

By News Team on July 11th, 2021 in Exclusive Story

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දීමට අවස්ථාව සැලසීම මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන ලෙස පොහොට්ටුවේ ප්‍රධානීන් පැවසු එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් හඬා වැලපී ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඔවුන් බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස දිවුරුම් දී මැතිසබයට පැමිණීමෙන් පසු ඔහු පිළිගැනීම සඳහා කරනු ලබන මුල්ම කතාව තමාට ලබා දෙන ලෙස මේ දෙදෙනා අගමැති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබු බවයි.

නමුත් පක්ෂයේ වගකිව යුතු පිරිස් අදාළ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට අමතරව ජාතික ලැයිස්තුවෙන් පත්කළ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ටද බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී නමුත් ඔවුන් විවිධ හේතු දක්වා මගහැර ඇති බව වාර්තා වනවා.

ඇතිව තිබෙන තත්ත්වය පක්ෂයේ පරිපාලන අංශ ඉහළ බලධාරීන් වෙත දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතර රාජ්‍ය අමාත්‍යවරියක් සහ තවත් මන්ත්‍රීන් තුන්දෙනෙක් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අවශ්‍ය ඕනෑම මොහොතක මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සුදානම්ව සිට ඇති බව වාර්තා වනවා.

ඒ අතර පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද සිටි බව දේශපාලන ආරංචි සඳහන් කළා.

පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වලට අනුව පසුගිය මහ මැතිවරණයෙන් පසු පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව මන්ත්‍රීන් සඳහා පත්වීම් ලබා දෙන අවස්ථාවේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීන් 07 දෙනෙකු පත්කර ඇත්තේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක අස්වීමට සුදානම් විය යුතු යන කොන්දේසියට යටත්ව බවයි.

කෙසේ වෙතත් අවසානයේ ජයන්ත කැටගොඩ මහතා කොන්දේසි විරහිතව ඉවත් වී බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවස්ථාව ලබා දුන්නා.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දී මැතිසබයට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට පැමිණි පොහොට්ටුව මන්ත්‍රී අතර ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප ජාතික ලැයිස්තු මන්ත්‍රීන් කිහිපදෙනාම පෙරමුණේ සිට ඇති බවයි.