Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගම්මන්පිල ආණ්ඩුවෙන් දොට්ට දාන්න පොහොට්ටුව මෙහෙයුමක් අරඹයි

By News Team on November 2nd, 2021 in Exclusive Story

පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා එම ධුරයෙන් ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

යුගදනවි බලාගාරය ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දුව බලශක්ති අමාත්‍ය ධූරයේ සිටිය දීම දැඩිව විවේචනය කිරීම හා බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම යන කරුණු ඔවුන් මීට හේතු ලෙස පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ වන විට අදහස වී ඇත්තේ ගම්මන්පිල මහතාගේ නායකත්වය යුතු පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ඔහු පමණක් වන නිසා ඔහු ආණ්ඩුවෙන් ඉවත්ව ගියද ආණ්ඩුවට විශාල ගැටළුවක් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් එම පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර ඇති අතර දැනට විදේශගතව සිටින ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම ඔහුට ද ඒ පිළිබඳව දැන්වීමෙන් පසු අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.