Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පොහොට්ටු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙන්න තීරණය කරයි

By News Team on June 25th, 2021 in Exclusive Story

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ජාතික ලැයිස්තුව මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සුදානම් බව වාර්තා වෙනවා.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිම්නේතුවට පිවිසීම වෙනුවෙන් පක්ෂයේ මහලේකම්වරයා මෙම තීන්දුව ගැනීමට නියමිත බවයි.

ඒ අනුව මේ වන විට මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව පිවිසීම වෙනුවෙන් ඔවුන්ගේ මන්ත්‍රී අසුන ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

සාගර කාරියවසම්ට අමතරව ජයන්ත කැටගොඩ, මර්ජාන් ෆලීල් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් මෙම තීරණය ගෙන ඇති අතර ඔවුන් සිව් දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසි අය ලෙසයි සැලකෙන්නේ.