සයිනොෆාම් තවත් මාත්රා ලක්ෂ 18ක් දිවයිනට රැගෙන එයි
By News Team on August 8th, 2021 in Local

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්රා තව ලක්ෂ 18ක් දිවයිනට රැගෙන එනු ලැබුවා.
ඒ ශ්රී ලංකන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් මඟිනි.
බිජිං නුවර සිට මෙම එන්නත් තොගය අද (08) අළුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.
අද (08) අළුයම 01.27ට චීනයේ බිජිං නුවර මෙම එන්නත් රැගෙන පිටත්වූ ශ්රී ලංකන් ගුවන් සේවයේ UL 869 දරන විශේෂ භාණ්ඩ ප්රවාහන ගුවන් යානය අළුයම 05.26ට ගුවන් තොටුපොළ ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් යානයෙන් එන්නත් තොගය ගොඩ බෑමෙන් අනතුරුව ගුවන් තොටුපොළ භාණ්ඩ ගබඩාවේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.