Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලබන 19 වනදා සිට බ්‍රිතාන්‍ය සම්පුර්ණයෙන්ම විවෘත වෙන ලකුණු !

By News Team on July 6th, 2021 in International

දැනට බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ලබන 19 වනදා සලකා බලන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසනවා.

කෙසේ වෙතත් එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ අගමැතිවරයාගේ මේ තීරණය හමුවේ කොරෝනා ආසාධිතයින් සහ ආසාධිත මරණ ගණන ඉහළ යාම පෙන්නුම් කළ හැකි බවයි.

පවතින තත්ත්වය එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ එය පාලනය කරගත හැකි වනු ඇති බවයි අගමැතිවරයා විශ්වාස පළ කරන්නේ.