Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඩොලර් හිඟය නිසා ආනයන සිමා තවදුරටත් දැඩි වන ලකුණු

By News Team on December 14th, 2021 in Local

රට තුළ ඇතිව තිබෙන තත්ත්වය ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කිරීමට සිදුවනු ඇති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

මුදල් ඇමතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ ඉන්ධන, ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සඳහා වන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවයි.

තවද ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය ඇතුළු මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම සාකච්ඡාවලින් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බව අපේක්ෂා කරන බවයි මුදල් ඇමතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (13) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් කැබිනට් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැත්වුණා.

එහිදී රට තුළ ඇති ඩොලර් හිඟය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඇමතිවරුන් කිහිප දෙනෙක් ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා ලෙස ප්‍රකාශ කර ඇති අතර තවත් ඇමතිවරු පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කොන්දේසිවලට එකඟ වීමට සිදුවනු ඇති බවයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්නේ ද නැද්ද යන්න සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.