Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය තවදුරටත් ප්‍රමාදය වන ලකුණු !

By News Team on July 25th, 2021 in Local

ජපන් රජයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබීමට ප්‍රමාද වන බව වාර්තා වනවා.

ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ එම එන්නත් තොගය අද (25) හෝ හෙට (26) දිනයේ ලැබීමට නියමිත වුවද ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවන බවයි.