Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පළාත් පාලන සභිකයින් 1000කින් පමණ අඩුවෙන ලකුණු

By News Team on July 14th, 2021 in Local

පළාත් පාළන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීම සදහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත භාරදී තිබෙනවා.

පසුගිය රජය සමයේ හඳුන්වා දුන් පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදය හේතුවෙන් පැන නැගුණු ගැටලූ විසදීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමටයි මෙම කමිටුව පත් කෙරුණේ.

ඒ අනුව පසුගිය සංශෝධනය මගින් පළාත් පාලන ඡන්ද විමසීමට හඳුන්වා දී තිබූ 60/40 අනුපාතයට වූ මිශ්‍ර සමානුපාතික නියෝජිත ක්‍රමය ඉදිරියේදී 70/ 30 අනුපාතය දක්වා වෙනස් කිරීමටයි එම කමිටුව යෝජනා කර ඇත්තේ.

අස්ථාවර පළාත් පාලන ආයතන පද්ධතියක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ අවම කිරීම එහි අරමුණයි.

පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීම සියයට 60ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරිය සියයට 40 අනුපාත ක්‍රමය යටතේ ද වර්තමානයේ සිදු කෙරෙනවා.

එය සියයට 70 ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරි සියයට 30 අනුපාත ක්‍රමය යටතේ ද වන ලෙස ඉදිරි ඡන්ද විමසිමේදී වෙනස් කරන්නැයි කමිටුව නිර්දේශ කර තිබෙනවා.

යම්කිසි පක්ෂයකට සභියෙකු දිනාගැනීමට අවශ්‍ය වන්නේ නම් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 2.5 ක ඡන්ද ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස කමිටුව විසින් යෝජනා කර ඇති අතර මින් පෙර එවැනි නියමක් පැවතුනේ නැහැ.

බහු මන්ත්‍රී කොට්ඨාශ සඳහා ඡන්දය භාවිත කිරීමේදී ඡන්ද පත්‍රිකා දෙකක් නිකුත් කිරීමට කමිටුව යෝජනා කර තිබෙනවා.

එවැනි අවස්ථාවක එකම පක්ෂයකින් පමණක් තෝරා ගැනීමට මෙතෙක් දී තිබූ වරණය පක්ෂ දෙකක අපේක්ෂකයින් දෙදෙනෙක් වෙනුවෙන් භාවිත කිරීමට හැකි ලෙස ප්‍රතිපාදන සකස් විය යුතු බවටයි කමිටුව විසින් යෝජනා කර ඇත්තේ.

පළාත් පාලන බල ප්‍රදේශයක වැඩිම කොට්ඨාශ ප්‍රමාණයක් ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ප්‍රසාද ආසන දෙකක් ලබා දීමද කමිටුවේ තවත් යෝජනාවක්.

එමෙන්ම පවතින ක්‍රමය තුල පළාත් පාලන සභිකයින්ගේ අනවශ්‍ය වැඩිවීමක් පවතින බව හඳුනාගෙන ඇති අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමකදී අනිවාර්යයෙන් එම ප්‍රමාණය ආසන්න වශයෙන් 1000 කින් පමණ අඩුවිය යුතු බවටද යෝජනා වී තිබෙනවා.