Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශාජා හි සතියට වැඩ කරන දින ගණන 04කට අඩු වෙයි

By News Team on December 10th, 2021 in International

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාජා හි පරිපාලනය වැඩ කරන සතියේ දින ගණන 04 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා දිනයේ දීද එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කළේ වැඩ කරන දින ගණන 04 හමාරකට අඩු කිරීමටයි.

මේ අනුව සිකුරාදා වරුවක් සහ සෙනසුරාදා හා ඉරිදා සති අන්තය ලෙස සැලකුණා.

කෙසේ වෙතත් තවත් ඉදිරි පියවරක් ශාජා පරිපාලනය තීරණය කර ඇත්තේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින තුනම නිවාඩු දින ලෙස සැලකීමටයි.

මෙම නව සංශෝධනය ලබන ජනවාරි පළමුවනදා සිට බලාත්මක වන අතර එය රාජ්‍ය කාර්යාලවල සේවකයන්ට පමණක් අදාළ වනු ඇති.