Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ෂේන් වෝන්ටත් කොරෝනා ආසාධනය වෙයි

By News Team on August 2nd, 2021 in Sport

ඕස්ට්‍රේලියාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ෂේන් වෝන්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.

එංගලන්තයේ ලන්ඩන් ස්ප්‍රිට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ෂේන් වෝන් කටයුතු කරන අතර දේශීය තරඟාවලිය අතරතුර සිදුකළ කොරෝනා පරීක්ෂණයකදීයි මේ බව තහවුරු වී ඇත්තේ.

ඊට අමතරව කණ්ඩායමේ තවත් පුහුණුකරුවෙකුට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බව හෙළිවී තිබෙනවා.

මේ අනුව ෂේන් වෝන් හුදකලා කර ඇති අතර මේ දක්වා කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකුට වෛරසය වැළඳී නොමැති බවයි වාර්තා වන්නේ.