Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දයාසිරි සින්දුවක් කියමුද? – මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනපති වෙනුවෙන් දයාසිරි ගී ගයයි

By News Team on October 25th, 2021 in Gossip

යුගදනවී ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ (24) රාත්‍රියේ පැවැත්වෙන ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්ණ කරන බව කැරලිකාර මන්ත්‍රීවරුන් කීවත් රැස්වීම බොහෝ සාමකාමීව නිමාවට පත්ව තිබෙනවා.

ජනාධිපති මන්දිරයේ පැවැත්වුණු මෙම කණ්ඩායම් රැස්වීම සඳහා සහභාගී වෙන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ජනාධිපතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සුදානම් කර තිබු බවයි වාර්තා වන්නේ.

මෙම කණ්ඩායම් රැස්වීමේ දී ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමක් මත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා යොහානි ද සිල්වාගේ ජනප්‍රිය මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කර තිබෙනවා.

ජනාධිපතිවරයා ඔහු සතුව මයික්‍රෆෝනය දයාසිරි අතට දෙමින් ගීතය ගායනා කරන ලෙස ඉල්ලීම් කරද්දී තමා කුරුණෑගල සිට පැමිණි බවත්, කලින් දැනුම් දී තිබුණා නම් ඊට සුදානම් වී පැමිණෙන බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.

දයාසිරිට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ දයාසිරි අමුතුවෙන් සුදානම් වීමට අවශ්‍ය නොමැති බවත් දයාසිරි ගායනයට දක්ෂ අයෙක් බවයි.

දයාසිරි එහිදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ කැමති ගීතය කුමක් දැයි විමසීමක් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරන ලෙසයි.