Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශලනි තාරකාටත් කොරෝනා වැළඳේ

By News Team on August 4th, 2021 in Gossip

රංගන ශිල්පී ශලනි තාරකා කොරෝනා ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ඇය ලබා සිටි අයෙක් ලෙසයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඇය ඉල්ලා සිටින්නේ ආසන්න දිනවල තමා මුණ ගැසුණු අය නිරෝධායනය වන ලෙසයි.

ඇයගේ සමාජ මාධ්‍ය සටහන පහතින්

“සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාට්‍යයේ රෑගතකිරීම අතරතුර ශිල්පින් කොරෝනා ආසාධිත වීම හේතුවෙන් 31 වන දින සවස සිට නිවැසියන්ගෙන් ඈත්ව ස්වයං නිරෝධායනයට ලක්වුනෙමි.

නමුත් පසුදින සිට ඇතිවු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් කල PCR පරීක්ෂණයෙන් අද දින මා covid positive රෝගියෙකු ලෙස හදුනාගෙන ඇත.

මේ වන විට Sinopharm එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නැත.

පසුගිය දිනයන්හි මා රංගනයෙන් දායක වු දර්ශන තල දැනුවත් කරඇති අතර ඒ දිනයන්හි මා හමුවු අයට ස්වයං නිරෝධායනට ලකවන ලෙසද ඉල්ලා සිටිමි.

මේ මොහොතේ ලැබෙන දුරකථන ඇමතුම් සියල්ලටම පිළිතුරු දීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න. සොයා බැලු සියලු දෙනාටම ස්තූතියි.