Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඔක්සිජන් තොගය ගෙන්න ශක්ති අද ඉන්දියාව බලා පිටත් වෙයි

By News Team on August 17th, 2021 in Local

මෙරට රෝහල් තුල කොවිඩි 19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්ෂිජන් ධාරීතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්ෂිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 17) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් විය.

පවත්නා වසංගත තත්වය හමුවේ මෙරට රෝහල් තුල ඔක්ෂිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීම සදහා ඇනවුම් කරන ලද සායනික ඔක්ෂිජන් මෙරටට රැගෙන ඒමේදී වරායන් තුල සිදු විය හැකි ප්‍රමාදවීම් වළක්වා ගැනීමේ අරමුණෙන් ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්න වෙත එම සායනික ඔක්ෂිජන් නාවික හමුදාව මගින් රැගෙන එන ලෙස උපදෙස් දෙන ලදි.

ඒ අනුව, මෙරටට ඇණවුම් කරන ලද එම සායනික ඔක්ෂිජන් තොගය රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත මෙලෙස පිටත් කර හැරීමට නාවික හමුදාව විසින් අද අළුයම (2021 අගෝස්තු 17) කටයුතු කෙරිණි.

ඒ අනුව, ශක්ති නෞකාව 2021 අගෝස්තු 18 පස්වරුවේදී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ලඟා වීමට නියමිතව ඇත.

තවද, මෙම සේවාව අවශ්‍යතාවය අනුව අඛණ්ඩව පවත්වාගෙන යාමට නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, රටේ ඇති වන ඕනෑම හදිසි තත්වයකදී සිය ශඛ්‍යතාවයන් කාර්‍යක්‍ෂමව සහ ඵලදායිව යොදවා අවශ්‍ය දායකත්වය ඉදිරියටත් නොපමාව ලබා දිමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.

නාවික හමුදා මාධ්‍ය ඒකකය