Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

By News Team on June 30th, 2021 in Local

දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (30) උදෑසන සිට හුදකලා කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් වසමේ පරණ කොලනිය ග්‍රාම සේවා වසමට අයත් දිවිතුරුවත්ත හුදකලා කර ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් වසමේ ඇලදුව වත්ත ප්‍රදේශයද, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයේ කන්නගම ග්‍රාම නිලධාරී වසමට අයත් දේවාලකන්දවත්ත කොටස සහ ගොඩම්පල ග්‍රාම නිලධාරී වසමේ පඹේගම වත්ත කොටසද හුදකලා කර ඇති බවයි කොවිඩ්19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව වරකාපොල පොලිස් වසමට අයත් හල්ලව ග්‍රාම නිලධාරී වසමේ නියදුරුපොල අංක 01, 02, 03 සහ 04 වතු නිවාසද, මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල පොලිස් වසමට අයත් කනුල්වෙල ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබෙනවා.

මේ අතර ගම්පහ, කළුතර, මාතලේ, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හුදකලා භාවය සම්බන්ධයෙන් නිකුත් කර නිවේදන,