Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ කිහිපයක් හුදකලාභාවයෙන් මුදා හැරේ

By News Team on July 13th, 2021 in Local

දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ 05ක් අද (13) උදෑසන 06 සිට බල පැවැත්වෙන පරිදි හුදකලාභාවයෙන් මුදා හැර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසම, ගම්පහ වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්‍රාමය සහ රබර්වත්ත ග්‍රාමය මෙලෙස හුදකලා බැවින් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ මන්ජන්තොඩුවායි දකුණු ග්‍රාම නිලධාරී වසමේ ජින්නා පාර ද හුදකලා භාවයෙන් මුදා හැර තිබෙනවා.