Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

By News Team on July 3rd, 2021 in Local

දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.

ඒ අනුව කෑගල්ල, අම්පාර, මුලතිව් යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (03) උදේ 06 සිට හුදකලා කර ඇති බව සඳහන්.

කොවිඩ්19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ මරුතමුනායි ග්‍රාම නිලධාරී වසම සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ මිහිපිටිය ග්‍රාම නිලධාරී වසමේ මාදෙයියාව යන ප්‍රදේශය ද හුදකලා කර ඇති බවයි.

ඊට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරූ පොලිස් බල ප්‍රදේශයේ චෙම්මාලි නැගෙනහිර නායරු ධීවර කොටසද හුදකලා කර තිබෙනවා.