Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව දැඩි කෙරේ

By News Team on October 16th, 2021 in International

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රීමත් ඩේවිඩ් අමෙස් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

එසෙක්ස් හිදී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අතර බ්‍රිතාන්‍ය මොට්‍රෝපොලිටන් පොලීසිය විමර්ශනවලදී හඳුනාගෙන ඇත්තේ ත්‍රස්ත ක්‍රියාවක් ලෙසයි.

එරට ආරක්ෂක අංශ සිද්ධියේ ප්‍රධාන සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන ඔහු ඉස්ලාමීය අන්තවාදී අදහස් දරණ අයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඝාතනයට ලක් වූ මන්ත්‍රීවරයා සිය ඡන්ද දායකයන්ගේ ගැටළු විසඳන හමුවකට සහභාගී වූ අවස්ථාවකදී මෙම ප්‍රහාරයට ගොදුරු වී තිබුණා.

මෙම ප්‍රහාරයත් සමග බ්‍රිතාන්‍යයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව දැඩි කිරීමටයි එරට ස්වදේශ කටයුතු කාර්යාලය පියවර ගෙන ඇත්තේ.