Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනාධිපති ලේකම් සියලු මැති ඇමතිරුන්ට අමාත්‍යාංශ ලේකම්වරුන්ට රට යාම තහනම් කෙරේ – විශේෂ චක්‍රලේඛයකුත් නිකුත් කරයි

By News Team on October 17th, 2021 in Exclusive Story

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා සියලු ඇමතිවරුන්ට, රාජ්‍ය ඇමතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛයේ සඳහන්ව ඇත්තේ ලබන මස 12 වනදා අයවැය ඉදිරිපත් කෙරෙන දින සිට අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් මස 10 වනදා අතර කාලයේ දී විදේශයන්හි කිසිඳු නිල හෝ පෞද්ගලික හෝ සංචාරයක නිරත නොවන ලෙසටයි.

සියලු පාර්ශව හැකි උපරිම දායකත්වය කරගනිමින් අයවැය කටයුතු සාර්ථක කරගැනීමේ අරමුණින් ජනාධිපති ලේකම්වරයා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

2022 වසරේ රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන මස 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එදින සිට අයවැය විවාදය පැවැත්වීමට නියමිතයි.

අයවැය සම්බන්ධයෙන් පැවැත්වෙන අවසන් ඡන්ද විමසීම යෙදී ඇත්තේ දෙසැම්බර් මස 10 වනදායි.