Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සමාජ මාධ්‍යවල පැතිර යන පුවතකට ලංකා ගුරු සංගමයේ ලේකම්ගෙන් පිළිතුරු

By News Team on October 24th, 2021 in Local

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිආරම්භ කරන හෙට (25) හෝ අනිද්දා (26) දිනවල කිසිඳු වැඩ වර්ජනයක් නොපවත්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ හෙට සහ අනිද්දා දෙදින තුළ ගුරු විදුහල්පති වැඩවර්ජනයක නිරත වන බවට පැතිර යන ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමින්.

මේ අනුව හෙට සිට දිවයිනේ සියලූ පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන්ට සිය ඉගැන්වීම් කටයුතු සිදු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ගුරු විදුහල්පති වෘත්තීය අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාමත් සිය ස්ථාවරය බවයි.