Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඇෆ්ඝන් දඟ පන්දු යවන්නන් හමුවේ ස්කොට්ලන්තය අමිහිරි පරාජයක් අත්විදි

By News Team on October 26th, 2021 in Sport

මෙවර ලෝක කුසලාන පන්දුවාර තරඟාවලියේ ඇෆ්ඝනිස්ථානය සහභාගී වූ පළමු තරඟයෙන් ස්කොට්ලන්තය පරදා ලකුණු 130ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ඊයේ (25) සමත් වුණා.

සාජාහා හිදී පැවැති තරඟයේ පළමුව කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානය තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්ථානය කඩුලු 4ක් පමණක් දැවී පන්දුවාර 20 තුළදී ලකුණු 190ක් ලබා ගැනීමට සමත් වුණා.

ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් නජිබුල්ලාහ් සඩ්රාන් පන්දු 34කදී ලකුණු 59ක් ලබාගත් අතර ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ලබා ගනිමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Safyaan Sharif කඩුලු 3ක් දවාගත්තා.

ලකුණු 191ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්තය පන්දුවාර 10යි පන්දු 2කදී ලකුණු 60කට සියල්ලන්ම දැවී ගියා.

ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ ජෝර්ජ් මනසේ වන අතර ඔහු ලකුණු 25ක් ලබාගත්තා.

ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන් හමුවේ ස්කොට්ලන්ත පිතිකරුවන් දැඩි අසරණ තත්ත්වයකට මුහුණ දුන්නා.

පන්දු යැවීමේ දී මුජිබ් රෙහ්මාන් ලකුණු 20කට කඩුලු 5ක් දවා ගනිමින් 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ පස්වැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාවය දක්වනු ලැබුවා.

රෂීඩ් ඛාන් ලකුණු 9කට බිද හෙලූ කඩුලු ගණන 4ක්.

මෙම ජයග්‍රහණය ඇෆ්ඝනිස්තානය 20යි 20 තරගයකදී ලකුණු පරතරය අතින් වාර්තා කළ දැවැන්තම ජයග්‍රහනය ලෙසයි ඉතිහාසගත වුණේ.