Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සෞදියෙන් කොරෝනා අවධානම් රටවල්වල සිට පැමිණෙන අයට සංචාරක තහනමක්

By News Team on July 28th, 2021 in International

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සංචාරය තහනම් කර තිබෙන අවධානම් සහිත රටවල් ඇතුළත් ලැයිස්තුවේ පුද්ගලයන්ට වසර 03ක සංචාරක තහනමක් පැනවීමට සෞදි අරාබිය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ වන විටත් ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පාකිස්ථානය, ලෙබනන්, වියට්නාමය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය ඇතුළු රටවල් කිහිපයක සඳහා සෞදි රජය විසින් සංචාරක තහනමක් පනවා තිබෙනවා.

මෙම රටවල පුරවැසියන්ට සෞදි අරාබිය ඇතුළු වීමට අවසර නොමැතිව තිබුණත් පසුගිය දින කිහිපයේ එම නියමයන් උල්ලංඝණය වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම තත්ත්වයන් සලකා බලා තහනම පනවා ඇති රටවලට සිට පැමිණෙන පුද්ගලයන්ට වසර 03ක සංචාරක තහනමක් පැනවීමටයි සෞදි රජය මේ වන විට සැලසුම් කර ඇත්තේ.