Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ඇරඹෙන ලකුණු

By News Team on January 30th, 2022 in Local

සපුගස්කන්ද තෙල් පිරිහදුව යළි ක්‍රියාත්මක කිරීම සඳහා වන මුලික ක්‍රියාමාර්ග යළි ආරම්භ කර තිබෙනවා.

එහි බොයිලේරු පණ ගැන්වීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 03 වනදා බොරතෙල් නොමැතිවීම හේතුවෙන් පිරිපහදුවේ කටයුතු අත්හිටුවනු ලැබුවා.

කෙසේ වෙතත් බොරතෙල් මෙට්‍රික් ටොන් 90000ක් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොරතෙල් පොම්ප කිරීමෙන් අනතුරුව බොහෝ ධුරට ලබන 02 වනදා පිරිපහදු කටයුතු ආරම්භ කළ හැකි බවයි.