Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

යුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

By News Team on December 15th, 2021 in Local

ආන්දෝලනාත්මක යුගදනවී බලාගාරය සම්බන්ධයෙන් අත්සන් තබා ඇති ගිවිසුම අනුව යම් හෙයකින් නිව් ෆොට්‍රස් සමාගමට කිසියම් අගතියක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පැනවීමේ අයිතිය එම සමාගමට ලැබී ඇති බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පක්ෂ 11ක් ඒකාබද්ධව ඊයේ (14) ඇහැළියගොඩ ප්‍රදේශයේ දී පැවැති මහජන මන්ත්‍රණ සභාවේදීයි.

මෙම මහජන මන්ත්‍රණ සභාව යුගදනවී ගණුදෙනුව – ආණ්ඩුව විනිවිදභාවය සහ ජීවන වියදම යන මැයෙන් නම් කර තිබුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් පවතින පරස්පරතා පිළිබඳ තවදුරටත් අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක්වන බවයි.