Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතනික ව්‍යාපාර සංවර්ධන ඒකකය ශක්තිමත් කර ප‍්‍රතිස්ථාපනය කෙරේ

By News Team on October 26th, 2021 in Business

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය ආයතනික ව්‍යාපාර සංවර්ධන ඒකකය ශක්තිමත් කරමින් නැවත ඇරඹූ අතර එහි සමාරම්භක උත්සවය පසුගියදා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම් ශ‍්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙම නැවත ඇරඹීමේ මූලික පරමාර්ථය වන්නේ පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන සේ ආයතනික ව්‍යාපාර සංවර්ධන ඒකකයේ අරමුණු හා දැක්ම සැකසීම සහ ක‍්‍රමයෙන් වර්ධනය වන ආයතනයේ සේවාලාභීන් සඳහා තත්ත්වයෙන් ඉහළ කාර්යක්ෂම සේවාවක් ලබා දීමයි.

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ආයතනික ව්‍යාපාර සංවර්ධන ඒකකයට නායකත්වය දීම සඳහා ක්ෂේත‍්‍රයේ වසර 21කට වැඩි පළපුරුද්දක් ඇති ප‍්‍රවීණ රක්ෂණ වෘත්තිකයෙකු වන අරුණ වික‍්‍රමගේ මහතා ව්‍යාපාර අංශයේ ප‍්‍රධානියා ලෙස එක් වී ඇත.

සමාරම්භක වැඩමුළුව අමතමින් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී වසන්ත පෙරේරා මහතා මෙසේ පැවසීය.

‘‘මෙම අභියෝගාත්මක වාතාවරණය තුළ නව්‍යකරණයන් සමඟ පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සැපයීමට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සූදානම්.

ආයතනික ව්‍යාපාර සංවර්ධන ඒකකය නැවත පණ ගැන්වීමේ අරමුණ වන්නේ මෙම ඒකකය ශක්තිමත් කිරීම සහ අවසානයේදී අපේ ආයතනික ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැපයීමයි.

අරුණ වික‍්‍රමගේ මහතා ඇතුළු මගේ ආයතනික ව්‍යාපාර සංවර්ධන කණ්ඩායමට සුබ පතන්නටත්, ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට ඔවුන් සියලූ දෙනාටම හැකි වේවායි ප‍්‍රාර්ථනා කරන්නටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.’’

තම පාරිභෝගිකයන් සඳහා දැරිය හැකි මිලකට රක්ෂණ සේවා සපයන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යනු වසර 30කට ආසන්න කාලයක් පුරා ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ ජනතා සන්නාමයක් වූ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ පූර්ණ අනුබද්ධ සමාගමකි.