Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආණ්ඩුවට එරෙහි සමඟි ජන බලවේගයේ විරෝධතාව අද

By News Team on November 16th, 2021 in Local

සමඟි ජන බලවේගය විසින් සංවිධානය කරන දැවැන්ත විරෝධතාවක් අද (16) කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වෙනවා.

එහි තේමාව වන්නේ සාපලත් ආණ්ඩුවට එරෙහිව යන්නයි.

විරෝධතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 02ට ආරම්භ වීමට නියමිතයි.

භාණ්ඩ මිළ අධික වශයෙන් ඉහළ යාම, පොහොර හිඟය, රාජ්‍ය දේපළ විදෙස් සමාගම් වෙත අලෙවි කිරීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියා කලාපයට එරෙහිවයි සමඟි ජන බලවේගය මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ.