Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සමඟි ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන වසරේ එළි දකී

By News Team on December 13th, 2021 in Local

සමඟි ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන වසරේ ජනවාරි 29 වනදා එළි දැක්වීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ හැටන් හිදී පැවැති ජනහමුවකට එක්වෙමින්.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ පැවැත්වෙන උත්සවයකදි අදාල ප්‍රතිපත්තිය එළිදක්වන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.