Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සමඟි ජන බලවේගයේ විරෝධතාව ඇරඹෙයි – කොළඹ මාර්ග රැසක් අවහිර වෙයි – LIVE

By News Team on November 16th, 2021 in Local

සමගි ජන බලවේගය පවත්වන විරෝධතාව හේතුවෙන් කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අසලට විරෝධතාකරුවන් රැස්ව සිටින අතර ඔවුන් මේවනවිට පාගමනින් විහාරමහාදේවී උද්‍යානය දෙසට ගමන් කරමින් පවතිනවා.

මේ අතර සාපලත් ආණ්ඩුවට එරෙහි ජන බලවේගය නමින් අද කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසළදී පැවැත්වීමට සංවිධාන කර ඇති විරෝධතාව නැවැත්වීමේ අරමුණින් රජය විසින් මේ වනවිට රටපුරා මාර්ග බාධක යොදවා ඇතැයි සමගි ජනබලවේගය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ උද්ඝෝශණය සදහා සහභාගීවීමට කොළඹට පැමිණෙමින් පවතින ජනතාවට ආරක්ෂක අංශ විසින් බාධා එල්ල කරමින් පවතින බවයි.