Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මේ මොහොතේ වැටුප් විෂමතා ඉවත් කරන්න බැහැ – ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි

By News Team on August 3rd, 2021 in Local

ගුරු විදුහල්පති වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02) දිනයේ කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගුරු වැටුප් විෂමතා ඉවත් කළ යුතු බව පිළිගන්නා නමුත් රටේ පවතින තත්ත්වය අනුව මෙය ඊට සුදුසු අවස්ථාව නොවන බවයි.

ගුරුවරුන්ගේ පමණක් නොව අනෙක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයේ දී අවධානය යොමු බවද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ කොරෝනා වසංගතය මැද වුවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් නිසි වෙලාවට ගෙවා දැමීමට කටයුතු කළ ඇති බවත්, මේ මොහොතේ ගුරුවරුන් සිය වගකීම ඉටු කළ යුතු බවත්ය.