Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සජබ මන්ත්‍රී වැටුප කොරෝනා සටනට

By News Team on August 23rd, 2021 in Local

ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ආදිය මිලදී ගැනීම සඳහා සිය මන්ත්‍රීවරුන්ගේ වැටුප් මුදල පක්ෂයේ අරමුදලට ලබා දීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ලැබුණු ආධාර මත මීට පෙර සකස්කළ මන්ත්‍රී අරමුදල සදහායි මෙම වැටුප් ලබා දීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතයින් සදහා අවශ්‍ය වන ඔක්සිමීටර සහ වෙනත් උපකරණ මිලදී ගැනීමට මෙම අරමුදල භාවිත කිරීමට අපේක්ෂාකරන බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමට ඊයේ (23) පස්වරුවේ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

ඒ අනුව එහිදී ගත් තීරණ ඉදිරියේදී දැනුම් දෙනු ඇති. මේ අතර මෙහිදී අදහස් දක්මින් වත්මන් කොවිඩ් තත්වය සහ නිරෝධායන ඇදිරි නිතිය සම්බන්ධයෙන්ද තිස්ස අත්තනායක මහතා අදහස් පළ කලා.

ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ආණ්ඩුවටම දැක්මක් නොමැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.