Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සාර්ක් විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අවලංගු වෙයි?

By News Team on September 22nd, 2021 in Local

ලබන සෙනසුරාදා නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිත වූ සාර්ක් සංවිධානයේ රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අවලංගු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇතැම් අන්තර්ජාතික මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් තලේබාන් සංවිධානයේ මෙම සමුළුව නියෝජනය කළ යුතු බවට පාකිස්ථානය විසින් දන්වා ඇති බවයි.

මෙම යෝජනාවට ඉන්දියාව ඇතුළු තවත් සාමාජික රටවල් කිහිපයක් විරුද්ධ වී ඇති බවද වාර්තා වනවා.

ජගත් මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන මෙම හමුවේ මෙවර පහසුකම් සළසන්නා වන්නේ නේපාලයයි.

තලේබාන් පාලනය ඉන්දියාව විසින් මේ දක්වා පිළිගෙන නොමැති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද එහි කැබිනට් අමාත්‍යවරුන් අසාදු ලේඛන ගත කර ද තිබෙනවා.