Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වයත් රෝහිත් ශර්මාට

By News Team on December 9th, 2021 in Sport

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මා පත්කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු සංචාර සඳහා ඉන්දීය එක්දින කණ්ඩායම මෙහෙයවීම වගකීම පැවරෙනු ඇති.

කෙසේ වෙතත් රෝහිත් ශර්මා මේ වන විට විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් සිටිනවා.

මේ අතර ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් විරාට් කෝලි කටයුතු කරන අතර, ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස ද රෝහිට් ෂර්මා පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා වන ඉන්දීය ටෙස්ට් සංචිතය ද ප්‍රකාශයට පත් කෙරුණා.

ආබාධ හේතුවෙන් රවීන්ද්‍ර ජඩේජා හා අක්සාර් පටෙල් මෙම සංචාරයට නම් කර නැහැ.