Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

නැවතත් කාබුල් ගුවන් තොටුපොළට ප්‍රහාර අවධානමක්

By News Team on August 29th, 2021 in International

කාබුල් ගුවන් තොටුපොළ නැවත වරක් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇති වී තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ එම ප්‍රහාරය අද (29) දිනයේ බොහෝ දුරට එල්ල වීමට හැකි බවට තමා වෙත බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා කාබුල් ගුවන් තොටුපොළට එල්ලවූ IS ප්‍රහාරයකින් 170 දෙනෙක් මියගියා.

එය අවසන් ප්‍රහාරය ලෙස සැළකිය නොහැකි බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

මේ අතර බ්‍රිතාන්‍ය ඇෆ්ඝනිස්ථානයෙන් සිය හමුදා භට සහ රාජ්‍ය තන්ත්‍රිකයන් ඉවත් කරගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබෙනවා.

විසි වසරක ඇෆ්ඝනිස්ථානයේ පැවැති බ්‍රිතාන්‍යය ක්‍රියාකාරකම් ද මේ අනුව නිල වශයෙන් අවසන් වනු ඇති.

කෙසේ වෙතත් අමෙරිකානු මෙහෙයුම් අනිද්දා දක්වා ක්‍රියාත්මක වනු ඇති.