Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රිෂාඩ් බදියුදීන් නඩු දෙකකින් ඇප හිමි වෙයි

By News Team on October 14th, 2021 in Local

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය අප්‍රේල් මස 21 වැනිදායි.

මේ අතර තම නිවසේ සේවය කළ ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති 16 හැවිරිදි දැරියක පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා එම නඩුවට අදාළවද ඇප මත මුදා හැර තිබෙනවා.

රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර එම පැමිණිල්ල ලබන වසරේ පෙබරවාරි මස 18 වනදා කැඳවීමට නියමිතයි.