සහල් මෙට්‍රික් ටොන් පන්ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් ගබඩා කළ හැකි සතොස හා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා පහසුකම් පවතින බවත් ඉන් මේ වන විට තුන්ලක්ෂ පනස්දහසක් පමණ සහල් තොග ගබඩා කළ හැකි තත්ත්වයේ ගබඩා පවතින බවත් ඒ අනුව සතොස, වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර ආයතන ඒකාබද්ධව වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදී ආරම්භ කරන බවත් වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා (21දා) අනුරාධපුරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ක්‍රම කිහිපයකට වෙළෙඳපොළට සහල් නිකුත් කිරීම සඳහා ආණ්ඩුව විසින් කටයුතු කර ඇති බවද, පසුගිය දින දහය ඇතුළත පමණක් පොළොන්නරුව ප්‍රදේශයේ මෝල් හිමියන් සතුව තිබූ සහල් කිලෝ ලක්ෂ 100 කට අධික සහල් වෙළෙඳපොළට නිදහස් කිරීමට රජය මැදිහත් වූ බවත් ඒ මහතා පැවසීය.
සතොස හරහා මෙට්‍රික් ටොන් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමටත් ආනයනය කිරීම් සහ නිදහස් කිරීම් හරහා ඊයේ සවස් වන විට සහල් මෙට්‍රික් ටොන් 65000ක් වෙළෙඳපොළට පැමිණ තිබෙන බවත් ඒ අනුව සහල් වෙළෙඳපොළ තුළ තිබෙන හිඟය මගහැරීමටත් හැකි වන බව අමාත්‍යවරයා කීය.
උත්සව සමය තුළදී භාණ්ඩ හිඟය සහ මිල වැඩි වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහල් ඇතුළු අනෙකුත් සියලුම පාරිභෝගික භාණ්ඩ මගින් අයථා ලාභ ලබා ගැනීමට අවස්ථාව නොදීමට කටයුතු කරන බවද ඒ මහතා අවධාරණය කළේය.
රට තුළ සහල් හිඟය රජයේ විවිධ ආයතන මගින් ලබා ගත් සංඛ්‍යා ලේඛනවලට වඩා වැඩි බවත් සහල් සඟවා තබා ගනිමින් වැඩි ලාභයක් ලැබීමට මෝල් හිමියන් සිදු කරන වංචා මගහැරීමට සහල් ආනයනය කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න